Wednesday, 7 August 2024

After 27 years, Sri Lanka won the ODI series against India

 වසර 27කට පසු ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලියක් ජය ගත්තේය







ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති තුන්වන එක්දින තරඟය ලකුණු 110කින් ජය ගනිමින් වසර 27කට පසු ඉන්දියාවට එරෙහි එක්දින තරඟාවලිය වසර 27කට පසුව ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 248ක් රැස් කළා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 96ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 59ක් සහ පැතුම් නිශ්ශංක ලකුණු 45ක් රැස් කළහ.

පන්දු යැවීමේදී රියාන් පරග් කඩුලු 3ක් දවාගත් අතර මොහොමඩ් සිරාජ්, අක්සාර් පටෙල්, වොෂින්ටන් සුන්දර් කඩුල්ල බිඳ දැමීමට සමත් වූහ.


ඒ අනුව තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 26ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 138ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුනිත් වෙල්ලාල කඩුලු 5ක්, ජෙෆ්රි වෙන්ඩසේ, මහීෂ් තික්ෂණ කඩුලු 2ක් සහ අසිත ප්‍රනාන්දු එක් කඩුල්ලක් බිඳ දැමීමට සමත් වූහ.

ඒ අනුව තරගාවලියේ පළමු තරගයේ ලකුණු තත්ත්වය සම වූ අතර අනෙක් තරග දෙකම ශ්‍රී ලංකාව ජය ගැනීමත් සමඟ තරගාවලියේ 2ට 0ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home

Redirecting in 3 sec...

Please wait 3 sec...

Thanks for supporting us. You will be redirected shortly.

Redirecting in 3 seconds...

/body> Redirecting...

Redirecting...

Please wait, you will be redirected in 3 seconds.

If you are not redirected, click here.

Redirecting...

Redirecting...

Please wait, you will be redirected in 3 seconds.

If you are not redirected, click here.